පසුගිය 10 වන දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහි දී වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අවස්ථාවේ ඔහු කලහාකාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.
එය පාලනය කිරීමට යාමේ දී ඇති වූ සිද්ධියක් හේතුවෙන් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බව සඳහන්.
ඔහු තෙල්වත්ත හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරුවෙකු වන 41 හැවිරිදි වියේ පසුවන්නෙක්.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311