ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ඉක්මන් ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සංදේශයක් බාරදී තිබෙනවා.
ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින්.
පවතින ආණ්ඩුව සහා පසුගිය ආණ්ඩු විසින් ක්‍රියාත්මක කළ අත්තනෝමතික ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රට මේ වනවිටත් පවතින්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක් අබිමුව බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය පෙන්වා දෙන්නේ.
මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්ව සිටින්නේ මහාපරිමාණ ව්‍යාපාරිකයන් නොව සාමාන්‍ය ජනතාව බව එම සංදේශයෙන් අවධාරණය කර තිබෙනවා.
” … 2023 අයවැය වැඩපිළිවෙළ තුළ පවා සාමාන්‍ය ජනතාව මත තවදුරටත් බදුබර පටවන යෝජනා ඉදිරිපත් වී ඇත.
ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග තිබියදීත් සාමාන්‍ය ජනතාව මත බදුබර පටවන්නේ ආණ්ඩුවල ගජමිතුරු සමාගම් පිනවීමේ උවමනාවට බව පැහැදිලිය.
මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව මත පැටවූ අසීමාන්තික බදු බර අඩුකර ගජමිතුරු සමාගම් වලින් අයවිය යුතු බදු මුදල් අයකරගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය වේ…”
උණුසුම් පුවත්
- මිල සංශෝධනය ගැන මුදල් රාජ්‍ය ඇමතිගේ අවධානය
- එළඹෙන වසරේ ඔක්තෝබර් මස 17 වන දිනට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි
- වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයින් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම්
- අතිපූජ්‍ය හෙනේපොළ ගුණරත්න නාහිමියන් වෙත උපහාර පිණිස සමරු මුද්දරයක්
- වැස්සට නැවතුණු IPL අවසන් තරගය අද
- මෙවර සා.පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568 දී පැවැත්වේ
- බන්ධනාගාර රැඳවියන් 10 දෙනකු අද ආරම්භ වන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටී
- බලන්නකො ඒගොල්ලොන්ගෙ ලස්සන
