අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී කලහකාරි ලෙස හැසිරුණු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ දකුණු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවසුවේ පසුගිය ජූලි මස 9 වැනිදා අරලියගහ මන්දිර පරිශ්‍රයට ඇතුළු වී දේපළවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු බොරලස්ගමුව තල්ගස් වස්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු වන අතර සැකකාරිය වයස අවුරුදු 34 වන වත්තල හේකිත්ත පදිංචිකාරියක්.

WhatsApp Group

Skip to content