නිල සංචාරයක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අමෙරිකාවට පැමිණෙන බව ඇසීමෙන් තමන් ඉතා උද්යෝගයට පත් වූ බව ඉන්දියාවේ අමෙරිකානු තානාපති එරික් ගාර්සෙටි පවසනවා.
මෙම වසර තුළ කළ හැකි දේ සම්බන්ධයෙන් දෙරට අතර පොරොන්දු රැසක් ඇති බවයි ඔහු පැවසුවේ.
75 වසරක ඉතිහාසය තුලදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු අමෙරිකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන 03 වන අවස්ථාව මෙය වන බව ද ඔහු සඳහන් කළා.
ඉදිරියේදී කුමක් ද කළ හැක්කේ යන්න සම්බන්ධයෙන් දෙපාර්ශවයටම සුබවාදී බලාපොරොත්තු ඇති බවයි ඉන්දියාවේ අමෙරිකානු තානාපතිවරයා සඳහන් කළේ.
වෙළඳ, සංචාරක වීසා ඇතුළු සේවා ඔස්සේ ඉදිරි වසර 50 ක කාලයක් සඳහා වුව ද ඉන්දු අමෙරිකානු සබඳතා ඉදිරියට ගෙන යා හැකි බවයි ඔහු සඳහන් කළේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජූනි මස 22 වනදා රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතයි.
උණුසුම් පුවත්
- වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර 200 ක් වුවත් එම ජනතාවට කිසිදු දෙයක් ලැබී නෑ
- කුකුල් මස් මිලත්, අලෙවියත් පහළට
- කටුනායක ගුවන් තොටුපොළට ස්වයංක්‍රීය ආගමන විගමන පද්ධතියක්
- කතරගම ඇසළ පෙරහැරට වතුකරයෙන් සහභාගි වන පළමු කණ්ඩායම පාගමන ආරම්භ කරයි
- ඉවුම් පිහුම් කලාව සහ සූපශාස්ත්‍ර කටයුතු සඳහා වෙනම පාසලක්
- බොරිස් ජොන්සන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- සිල් ගන්න ගිය සැමියා කෙල්ලෙක් එක්ක දන්සලේ
- ඉන්දියාව මාලදිවයින සමග හමුදා අභ්‍යාසයක.
