ඉන්දුනීසියානු ජනරජයේ ශ්‍රී ලංකා තානාධිපති දේවි ගුස්ටිනා ටෝබිං මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද සාකච්ඡාවක් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද පැවැත්වුණා
මෙහිදී සංස්කෘතික ආගමික ආර්ථික සහ සංචාරක අංශ ඇතුලු විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා කළා
සප්තකන්‍යා කඳුවැටිය ආසන්නයේ සිදු වු ගුවන් අනතුරට වසර 50 ක කාලයක් සපිරීමත් සමග එම ප්‍රදේශයට පැමිණීමට නියමිත ඉන්දුනීසියානු ජනතාව සදහා අවශ්‍ය පහසුකම් ස්ථාපිත කිරීම් සම්බන්ධයෙන් ද මෙහිදි කරුණු සාකච්ඡා ලක්වූණා
මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ආණ්ඩුකාර මහජන සම්බන්ධතා නිළධාරී පී.එන් විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311