පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිට පහරදීමට එරෙහිව ලබන 13 වනදා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් තීරණය කර තිබෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග ඇතිවූ මතභේදාත්මක තත්ත්වයක් අතරතුර පහරදීමකින් තුවාල ලැබු එහි හිටපු උපකුලපති භූ විද්‍යා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා රෝහල් ගතකර තිබුනා .
පොලීසිය පැවසුවේ පසුගිය 10 වනදා රාත්‍යේ මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයා සහ සිසුන් පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම එම සිදුවීමට හේතුවී ඇති බවයි .
පේරාදෙණිය විශ්වවිදයාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ නිල නිවස පිහිටා ඇත්තේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311