කඩවත ඇල්දෙනිය ප්‍රදේශයේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබෙනවා.
දේශපාලන පක්ෂ කාර්යාලයක් ආසන්නයේ තිබී අදාළ ජීව අත්බෝම්බය සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම ජීව අත්බෝම්බය විදෙස් රටක නිෂ්පාදිත එකක් බව සඳහන්.
සිද්ධිය වාර්තා වීමෙන් පසු ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පැමිණ අදාළ අත්බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අනාවරණය වී නොමැති අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
උණුසුම් පුවත්
- පෙර සැලසුම් කළ උත්සව පැවැත්වීමට අවසර
- මෙතෙක් මැතිවරණ සඳහා භාවිත කළ ලී පෙට්ටිම මෙවරත්
- මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නඩු
- රැමිස් (RAMIS) පද්ධතිය ඵලදායි අයුරින් යොදා ගැනීමට පත් කළ ඇමැති අනුකමිටු වාර්තාව ජනපතිට
- ඉන්දු – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරගය අද
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට
- අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්
- පොලිස්පතිගේ ඉල්ලීමක් පොලිස් කොමිසම ප්රතික්ෂේප කරයි.