යුක්රේනයේ පවතින ගැටුම් සමථයකට පත්කිරීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පින්ගේ සැලැස්ම පිළිබඳ සාකච්ඡා කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම චීන ජනාධිපතිවරයා විසින් යුක්රේන අර්බුදය සමථයකට පත්කිරීම සඳහා කරුණු 12ක සැලැස්මක් ඉදිරිපත් කර ඇති අතර අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෑමවිටම තමන් සූදානම් බව ද රුසියානු ජනාධිපති චීන ජනාධිපති හමුවේ ප්‍රකාශ කර ඇති බව සඳහන්.
කෙසේවෙතත් චීන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති සැලැස්ම සාම ක්‍රියාවලිය ඇණහිටීමේ උපක්‍රමයක් විය හැකි බව අමෙරිකාව ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311