ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 7 වැනි තරඟයෙන් ලකුණු 63ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසාවනයේ කඩුළු 06ක් දැවී ලකුණු 206ක් රැස් කළා.
එහිදී ශිවම් ඩුබෙ ලකුණු 51 ක් රැස් කළ අතර, නායක රුතුරාජ් ගායික්වාඩ් සහ රචින් රවිනද්‍ර ලකුණු 46 බැගින් රැස් කළා.
පන්දු යැවීමේදී රශීඩ් ඛාන් ලකුණු 49ට කඩුළු 2ක් බිඳ හෙළුවා.
ඒ අනු පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුජරාට් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි.
පන්දු යැවීමේදී දීපක් හූඩා, මුස්ටෆිසර් රහුමාන් සහ තුෂාර් දේශ්පාන්ඩේ කඩුළු 2 බැගින් බිඳ හෙළුවා.
මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන මතීෂ පතිරණද මෙහිදී ලකුණු 29ට එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.
උණුසුම් පුවත්
- පෙර සැලසුම් කළ උත්සව පැවැත්වීමට අවසර
- මෙතෙක් මැතිවරණ සඳහා භාවිත කළ ලී පෙට්ටිම මෙවරත්
- මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල් හිමියන්ට එරෙහිව නඩු
- රැමිස් (RAMIS) පද්ධතිය ඵලදායි අයුරින් යොදා ගැනීමට පත් කළ ඇමැති අනුකමිටු වාර්තාව ජනපතිට
- ඉන්දු – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස තරගය අද
- ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට
- අනුරගෙන් දේශබන්දුට අභියෝගයක්
- පොලිස්පතිගේ ඉල්ලීමක් පොලිස් කොමිසම ප්රතික්ෂේප කරයි.