ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලින් පහළට විසි කිරීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ මියගොස් ඇත්තේ වයස අවුරුදු එක හමාරක කුඩා පිරිමි ළමයෙකු බවයි.
දරුවා ගොඩනැගිල්ලෙන් පහළට විසි කළ දරුවාගේ මවගේ සොහොයුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
