ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මඟින්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා.
ඊට අදාළ නියෝගය තමන් විසින් නිකුත් කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා පැවසුවේ.
දුම්රියේ ප්‍රවේශපත්‍ර නොමැතිව ගමන් කළ මඟීන්ට රුපියල් තුන් දහසක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයක දඩයක් මීට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නියම කර තිබුණා.
කෙසේ වෙතත් එම දඩය ගෙවනතුරු අදාළ මගියාගේ ජාතික හැඳුනුම්පත හෝ ඔහු සතු ජංගම දුරකථනය, ස්වර්ණාභරණයක් දුම්රිය දෙපාර්තමේන්තුව භාරයට ගැනෙන බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311