ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ඊයේ පැවැති පළමු එක්දින තරගයේ ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08 ක් දැවී මුළු ලකුණු 294 ක් රැස් කළා.
මේ අනුව තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට හිමි වූ ඉලක්කය ලකුණු 295ක්.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 234 කට සීමා කළ ඇෆ්ගන් පන්දු යවන්නන් පළමු තරගයේ ජයග්‍රහණයේ සතුට ඇෆ්ගනිස්තානයට ලබා දුන්නා.
පන්දුවාර 38 ක් අවසානයේ සියලුදෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත ලකුණු සංඛ්‍යාව 234 ක්.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 85 ක් සහ වනිඳු හසරංග ලකුණු 66 ක් ලබා ගත්තා. මේ අනුව ඇෆ්ගනිස්තානයට ලකුණු 60 ක ජයක් හිමි වුණා.
ශ්‍රිලංකාවේ පරාජය පිළිබඳ පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් මහතා කරුණු දක්වා සිටියේ මෙලෙසින්…
උණුසුම් පුවත්
- යේමන රජයේ පාලන ප්‍රදේශවල උග්‍ර මන්දපෝෂණය වැඩිවෙමින් පවති
- යාපනයේ සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මරුට
- මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය වැඩිවීමක් පවතී
- ඇමෙරිකානු රජයේ ණය සීමා වැඩි කර ගැනිමේ ගිවිසුම පිළිබද කොංග්‍රසයේ ඡන්ද විමසීම සදහා කටයුතු සූදානම්
- පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනයට ලබා දෙන පොලී රහිත ණය මුදල ලබන සතියේ සිට නැවත ලබා දේ
- ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 350 ක ණය මුදලක් අනුමත කරයි
- ඩිපෝවල ලාභය වැඩිකරගන්නත් QR
- රාජාංගණයේ සද්ධාරතන හිමි 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට – Video
