Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පහරකෑමකට ලක්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවෙකු රෝහල් ගතකර තිබෙනවා.

සිව්වන වසරේ සිසුවෙකු බීමතින් කළ පහර දීමක් හේතුවෙන් අදාළ සිසුවා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තමන් නේවාසිකාගාරයේ සිටියදී ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනෙකු පැමිණි තර්ජනය කළ බවත් ඒ අතර සිටි එක් අයෙකු තමාට අතින් පයින් පහර දුන් බවත් තවත් සිසුවෙකු ඊට සහය ලබා දුන් බවත් පහර කෑමට ලක්ව රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවා ප්‍රකාශ ලබා දී තිබෙනවා.

මෙම පහර දීම විශ්වවිද්‍යාලයේ අයිවර් ජෙනිග්ස් නේවාසිකාගාරය තුළදී සිදුව ඇති බව සඳහන්.

පහර කෑමට ලක්වූ සිසුවා කලා පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය ලබන අතර ඔහු නොර්ටන් බ්‍රිජ් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .

පහර දුන් සිසුවා යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය හා විශ්වවිද්‍යාල පරිපාලනය වෙන් වෙන්ව පරීක්ෂණ සිදු කරන බව සඳහන්.

WhatsApp Group

Skip to content