බිත්තර ආනයනය ප්‍රමාදවීම සොයා බැලීමට නිලධාරියෙකු ඉන්දියාවට යාමට නියමිත බව වෙළද අමාත්‍යංශය පවසනවා.
රජයේ වාණිජ හා නීතිගත සංස්ථාවේ නිලධාරියෙකුයි මෙලෙස ඉන්දියාවට යැවීමට සැලසුම් කර ඇත්තේ.
බිත්තර සම්බන්ධයෙන් වන ප්‍රමිති වාර්තා සහ බිත්තර ආනයනය ප්‍රමාදවීම පිළිබද එම නිලධාරියා කරුණු සොයා බලනු ඇති.
බිත්තර ලක්ෂ 20ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
