මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ලබාදීම සඳහා අල්ලස් ලබාගැනීමට උත්සාහ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.
මාවනැල්ල ප්‍රදේශයේ හෝටලයක් තුළදී ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබාගැනීමට සූදානම්වන අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සමන්ත ස්ටීවන් පොදුජන පෙරමුණ නියෝජනය කරන්නෙක්.
