මෙල්බර්න් නගරයේ ඇති වූ භූමිකම්පාවෙන් අනතුරුව පසු කම්පන අවදානම ගැන මෙල්බර්න් නගරයේ ජනතාවට අද උදෑසන අනතුරු අඟවා තිබෙනවා.
ඊයේ රාත්‍රී 11.40ට පමණ ද වයඹදිග සන්බරි උපනගරයේ කිලෝමීටර් 3ක් ගැඹුරට රිච්ටර් මාපක 3.8ක භූ කම්පනයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම භූ කම්පනය සන්බරි සිට ටස්මේනියාවේ හෝබාර්ට් දක්වා සහ ඇඩිලේඩ් හි එස් ආර් සි දක්වා ද දැනී ඇති බවයි වාර්තා වන්නේ.
අද උදෑසන වික්ටෝරියා ප්‍රාන්ත ගොඩනැගිලි කිහිපයකට සිදු වූ හානිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා හදිසි සේවා කැඳවීමට ද කටයුතු කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එරට හදිසි සේවාවන්, අවදානම් කළාපවල ජීවත්වන ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ පසු කම්පන තත්වයන්ට මුහුණදීමට සූදානමින් සිටින ලෙස යි .
උණුසුම් පුවත්
- මන්දපෝෂණය වැඩිම දරුවන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්
- ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නිවේදනයක්
- ජ්‍යෙෂ්ඨ පුරවැසි බද්දෙහි ගැටලු විසදීම සදහා නව චක්‍රලේඛයක්
- වාහන කොටස් ආනයනය කළොත් විශාල බදු මුදලක් අහිමි වනවා
- අවුරුදු 4 සම්පූර්ණ දරුවන්ට පූර්ව ළමා විය අධ්‍යාපනය අනිවාර්යයි
- මාලදිවයිනේ ජනාධිපතිවරණය ලබන 30 වන දා පැවැත්වේ
- ටිම් සෞතිට ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට හැකිවෙයි
- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමට ඇප