වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකර ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් එළඹෙන වසරේ දී සිදු කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
මේ සඳහා ජාත්‍යන්තර තාක්ෂණය මෙන්ම පාරම්පරිකව පවතින තාක්ෂණය ද යොදා ගනිමින් අදාළ වැඩපිළිවෙල ක්‍රීයාවට නැංවීමට නියමිත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ.
