වයස අවුරුදු 15 ට වැඩි සෑම පුරවැසියෙකුටම ඩිජිටල් හැදුනුම්පතක් ලබාදීමේ වැඩසටහන ලබන වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පවසනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දින ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව
කියා සිටියා.
ඒ අනුව පුද්ගලයෙකුගේ උප්පැන්න සහතිකය, විදෙස් ගමන් බලපත්‍රය සහ රියදුරු බලපත්‍රය ඩිජිටල්කරණය වනු ඇති.
රුපියල් බිලියන 12 ක පමණ ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන අතර මේ සඳහා ඉන්දියානු ආධාර හිමිවන බව ද කනක හේරත් මහතා සඳහන් කළා.
එමෙන්ම ඉන්දියානු මහ කොමසාරිස්වරයා සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මෙම ව්‍යාපෘතිය සඳහා පත් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- වෙනසක් අවශ්‍ය නම් වෙනස් කෙනෙක් ඉන්න ඕනේ
- ස්වර්ණමය යුගයක් බිහිකරන බවට සජිත්ගෙන් ප්‍රකාශයක්
- බොරු එපා ආර්ථික ප්‍රතිපත්ති රටට හෙළි කරන්න
- බිත්තර මිලියන 03ක් මේ සතියේ
- ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 2,460 දක්වා ඉහළට
- ධීවර ප්‍රජාවට කාලගුණයෙන් හදිසි දැනුම්දීමක්
- සෑම දිස්ත්‍රික්කයකටම කෘෂි නිෂ්පාදන වෙළඳපොලක් – රනිල්
- ට්‍රම්ප්ගෙන් ඉලොන් මස්ක්ට තනතුරක්