පසුගිය වසරේ සමස්ත විදුලි අලෙවිය සියයට 4.6 කින් පහළ ගිය බව මහ බැංකුව පෙන්වා දෙනවා. එය ගිගාවොට් පැය 14,520 ක්. විදුලි කප්පාදුව සහ අධික පිරිවැය මෙලෙස ඉල්ලුම පහළ යාමට හේතු වී තිබුණා.
ගෘහස්ථ කර්මාන්ත ආශ්‍රිත විදුලි ඉල්ලුම සියයට 3.7 කින් අඩුවී ඇති අතර, හෝටල් සහ පොදුසේවා වෙත සිදු කළ විදුලි අලෙවිය සියයට 11.7 කින් අඩුවී ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
එමෙන්ම පසුගිය වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 272.9 ක සමස්ත අලාභයක් වාර්තා කර ඇති බව ද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311