ශ්‍රී ලංකාවට – ලොවට දායක කළ හැකි උත්තම දේ සම්බුද්ධ ශාසනයේ පැවැත්ම තහවුරු කිරිම බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළා.
අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විහාරස්ථාන දහ හතරක් පුජා භූමි ලෙස ප්‍රකාශයට පත්කරමින් ඊට අදාල සන්නස්පත්‍ර ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.


රත්නපුර කූරගල රජමහා විහාරය,

කුරුණෑගල නිකසලා නුවර රජමහා විහාරය,

මැද්දේපොල රජමහා විහාරය,

බිංගිරිය දේවගිරි රජමහා විහාරය,

කොටහේන පරමානන්ද පුරාණ විහාරය,

කෑගල්ල මාම්පිට ගල්ලෙන් රජමහ විහාරය,

අම්පාර මගුල් මහා විහාරය,

පියංගල රජමහා විහාරය,

මාතර කොළවෙනිගම රජමහා විහාරය,

ත්‍රිකුණාමලය ඇතානැගි කන්ද පුරාණ රජමහා විහාරය,

බඹරගල ආරණ්‍ය සේනාසනය,

සංඛමලේ රජමහා විහාරය,

ත්‍රිකුණාමලය ආසිරිකන්ද රජමහා විහාරය,

ත්‍රිකුණාමලය නාගලෙන රජමහා විහාරය

– පූජාභූමි ලෙස සන්නස්පත්‍ර මගින් ප්‍රකාශයට පත් කෙරුනේ අරලිය ගහ මන්දිරයේදී .

https://www.vnews.lk/storage/2022/11/DINESH.mp3?_=1

 

WhatsApp Group

Skip to content