ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය බව ඇමරිකානු තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පවසනවා .
ඇය මේ බව කියා සිටියේ ජාතික නීති සමුළුව අමතමින් .
අර්බුදයක් තුළ නීතියේ කාර්යභාර්ය යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වුණා.
එහිදී තානාපතිවරිය මෙරට නීති ප්‍රජාවගෙන් ඉල්ලා ඇත්තේ නීතියේ ආධිපත්‍ය සහ සැමට යුක්තිය වෙනුවෙන් ශක්තිමත් මෙන්ම ස්ථාවර බලවේගයක් වන ලෙසයි .
මැතිවරණ තුළින් රජයට සෘජුවම උපදෙස් ලබාදීමට ඇති හැකියාව ජනතාවට ලබා දෙන බැවින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්‍යාවශ්‍ය බවයි ජුලී චන්ග් මහත්මිය මෙහිදී පෙන්වා දී ඇත්තේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311