මෙම සතියේ පාර්ලිමේන්තුව අද (23) සිට ලබන 26 වැනිදා දක්වා දින 4ක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේ පාර්ලිමේන්තුව පෙරවරු 09.30ට රැස්වීමට නියමිත අතර, පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහායි වෙන් කර ඇත්තේ.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා ඔට්ටු ඇල්ලී සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, වරාය හා ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ වන නියෝගයක් ඇතුළු නියෝග කිහිපයක් ගැන විවාදය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම පස්වරු 5 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල් තබව අවස්ථාවේ යෝජනාවක්ද විවාදයට ගැනීමට නියමිතයි.
උණුසුම් පුවත්
- ෂෙල් සමාගම සමග ශ්‍රී ලංකාව තෙල් ගිවිසුමක් අත්සන් කළා
- රට ආර්ථික හා දේශපාලන වශයෙන් ස්ථාවර වෙමින් පවති
- තේ දළු කිලෝවක මිල පහළට
- ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකය කඩිනමින් ස්ථාපිත කිරිමට පියවර
- සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්
- සහනදායි ලෙස අරමුදල් සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය
- පුත්තලම නගරයේ කපුටන් රැසක් මියයයි
- ශ්‍රී ලංකාවේ ආර්ථිකය ,අධ්‍යාපන හා සෞඛ්‍ය කෙෂ්ත්රවල ඉහළ ප්‍රමිතීන්ට මාලදිවයිනේ ප්‍රශංසාව
