පළාත් පාලන ආයතනවල කොට්ඨාස සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.
පාර්ශව රැසක් විසින් කරන ලද ඉල්ලෙම් අනුව එහි කාලය දෙසැම්බර් 5 වැනිදා දක්වා දීර්ඝ කළ බව එම කමිටුව පවසන්නේ.
පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඒ අනුව, පළාත් පාලන ආයතනවල කොට්ඨාස සීමා නිර්ණයට අදාළව දේශපාලන පක්ෂ, සිවිල් සමාජ කණ්ඩායම් සහ මහජනතාවට සිය යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි.
මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුව නම් කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ ඔහුට පැවරී ඇති බලතල අනුවයි.
සීමා නිර්ණ කමිටුවේ නිල කාලය පෙබරවාරි 28 වැනිදායින් අවසන් වනු ඇති.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














