පළාත් පාලන ආයතනවල කොට්ඨාස සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.
පාර්ශව රැසක් විසින් කරන ලද ඉල්ලෙම් අනුව එහි කාලය දෙසැම්බර් 5 වැනිදා දක්වා දීර්ඝ කළ බව එම කමිටුව පවසන්නේ.
පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඒ අනුව, පළාත් පාලන ආයතනවල කොට්ඨාස සීමා නිර්ණයට අදාළව දේශපාලන පක්ෂ, සිවිල් සමාජ කණ්ඩායම් සහ මහජනතාවට සිය යෝජනා ඉදිරිපත් කළ හැකි බවයි.
මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුව නම් කළේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ ඔහුට පැවරී ඇති බලතල අනුවයි.
සීමා නිර්ණ කමිටුවේ නිල කාලය පෙබරවාරි 28 වැනිදායින් අවසන් වනු ඇති.
උණුසුම් පුවත්
- ඇළකින් හමු වූ ඇට සැකිල්ල
- පොලිස්පති දේශබන්දුගේ විමර්ශන වාර්තාව මේ මස අගදී
- ආසන පටි ගැන පොලිසියෙන් නිවේදනයක්
- තවත් 29 දෙනෙක් ඊශ්‍රායලයේ රැකියාවලට
- වන්දනා ගමන අතර මැදදී නිම වූ දිවිගමන
- බංගලිගෙන් ශ්‍රී ලංකාවට 249ක ඉලක්කයක්
- පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තව දුරටත් දීර්ඝ කෙරේ
- රමිතියෙන් තොර සීනී මෙරටට ගෙන්වීමට ගැන පුබුදුගෙන් චෝදනාවක්