අධ්‍යපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා.
විභාග අපේක්ෂකයින්ට බාධාවන අයුරින් උද්ඝෝෂණ සහ පෙළපාලි නොපවත්වන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සදහන් කළා.
ඊයේ දිනය තුළ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය මගින් විරෝධතාවක් සංවිධාන කර තිබුණා.
මේ අතර මහනුවර ප්‍රදේශයේ පාසලක විභාගයට පෙනී සිටින සිසුන් පිරිසක් අතර ගැටුමක් සිදුව තිබුණා.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311