පුත්තලම අනුරාධපුර ඒ-12 මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි අනුරාධපුර මුලස්ථාන පොලිසිය සඳහන් කලේ.
මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 43 හැවිරිදි පුද්ගලයකු බව සඳහන්.
අනතුරින් බරපතල තුවාල ලැබූ පසුපැදිකරු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311