අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුඵ ශිෂ්‍ය ක්‍රියාකාරීන් 8 දෙනා අද මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිදු කළ විරෝධතාවය අතරතුරදී පොලිසිය විසින් මෙම පිරිස ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබුවේ.
පොලිසිය පවසන්නේ අයුතු ජන රාශියක සාමාජිකයකයන්ව සිටිමින් පොලිස් නිලධාරින්ට පහර දී තුවාල සිදු කිරීම, රාජකාරින්ට බාධා කරමින් කලහකාරී ලෙස හැසීරීම යන චෝදනා යටතේයි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙහිදි ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනෙකු කිරිබත්ගොඩ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311