ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතයුතු ඉක්මන් ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සංදේශයක් බාරදී තිබෙනවා.
ඒ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය විසින්.
පවතින ආණ්ඩුව සහා පසුගිය ආණ්ඩු විසින් ක්‍රියාත්මක කළ අත්තනෝමතික ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රට මේ වනවිටත් පවතින්නේ දැවැන්ත ආර්ථික අර්බුදයක් අබිමුව බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය පෙන්වා දෙන්නේ.
මෙම ආර්ථික අර්බුදය හේතුවෙන් තවදුරටත් පීඩාවට පත්ව සිටින්නේ මහාපරිමාණ ව්‍යාපාරිකයන් නොව සාමාන්‍ය ජනතාව බව එම සංදේශයෙන් අවධාරණය කර තිබෙනවා.
” … 2023 අයවැය වැඩපිළිවෙළ තුළ පවා සාමාන්‍ය ජනතාව මත තවදුරටත් බදුබර පටවන යෝජනා ඉදිරිපත් වී ඇත.
ආර්ථික අර්බුදය විසඳීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග තිබියදීත් සාමාන්‍ය ජනතාව මත බදුබර පටවන්නේ ආණ්ඩුවල ගජමිතුරු සමාගම් පිනවීමේ උවමනාවට බව පැහැදිලිය.
මේ හේතුවෙන් සාමාන්‍ය ජනතාව මත පැටවූ අසීමාන්තික බදු බර අඩුකර ගජමිතුරු සමාගම් වලින් අයවිය යුතු බදු මුදල් අයකරගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් අත්‍යාවශ්‍ය වේ…”
උණුසුම් පුවත්
- ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යයි
- මෛත්‍රීට එරෙහි වාරණය දීර්ඝ කෙරේ
- ස්වයං රැකියාවල නිරත වන්නන්ට විශ්‍රාම වැටුපක්
- මියන්මාර සන්නද්ධ කණ්ඩායම් ග්රහණයෙන් මුදාගත් ශ්‍රී ලාංකිකයින් අද දිවනයිනට
- දුම්රිය මාර්ග නඩත්තු නොකිරීමෙන් පිලී පැනීම් වැඩි වෙයි
- මෙරටට සංචාරකයින් ලක්ෂ 25 ක් ගෙන්වා ගැනීමේ අපේක්ෂාවක්
- ආර්ථික සංවර්ධන නිලධාරින් වැඩවර්ජනයක
- මියගිය කාන්තා මළසිරුරු දෙකක් ක`ඵතර නිවසකින් සොයාගැනේ