ධාවන කටයුතු නතර කර තිබූ අනුරාධපුර – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සදහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අනුරාධපුරය සහ ඕමන්තය අතර දුම්රිය මාර්ගය පසුගිය ජනවාරි මාසයේදී වසා තැබීමට පියවර ගනු ලැබුවා.
ඉන්දීය ණය ආධාර යටතේ එහි නඩත්තු කටයුතු සිදු කළ අතර මේ වන විට එම අ`ඵත්වැඩියා කටයුතු අවසන් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311