අභාවප්‍රාප්ත අමරසිරි කලංසූරිය මහතාගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතයි.
දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත්කර තිබෙනවා.
දේහයට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් ඊයේ දිනයේදීද පැමිණියා.
හන්තානේ කතාව / රැයක් දවාලක් / අහස්ගවුව් / අක්කර 5 / නිම්වලල්ල / අපේක්ෂා ඇතුළු සිනමා පට රැසකට රංගන දායකත්වය ලබාදෙමින් සිය රංගන කෞෂල්‍ය ප්‍රතිභාව මනාව පිළිබිඹු කිරීමට අමරසිරි කලංසූරිය මහතාට හැකිවුණා.
ඩී බී නිහාල්සිංහයන්ගේ දිමුතු මුතු ටෙලි නාට්‍ය තුළින් ටෙලි නාට්‍ය කලාවටද ඒ මහතා නොමැකෙන මතකයක් එක් කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311