සේවක අර්ථසාධක අරමුදලට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.
සේවක අර්ථසාධක අරමුදලට සියයට 9 ක් ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවද ඔහු සඳහන් කළා.
මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ පනත පාර්ලිමේන්තුවේ විවාද කර ලබන 10 වන දා වන විට එය අනුමත කර දෙන ලෙස ජනාධිපතිවරයා අද ඉල්ලීමක් කළා.
කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා විපක්ෂය බාධා නොකරන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311