පුත්තලමේ ක්වාසි අධිකරණයේ විනිසුරුවරයෙකු රුපියල් 5,000 ක අල්ලසක් ලබාගැනීමේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වුණා.
පසුව ඔහුව පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 6 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සැකකරු මෙම අල්ලස් මුදල ඉල්ලා තිබෙන්නේ පුත්තලම ක්වාසි උසාවියෙන් ලබා දී තිබූ දික්කසාද නඩු තීන්දුවකට අදාළ වූ දික්කසාද සහතිකයක් ලබාදීම සඳහායි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311