විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි මහතා අද පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් උළෙලට සහභාගි වී තිබෙනවා.
ඒ ලන්ඩන් නුවර මාල්බරෝ හවුස් හි පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේදී.
සාමාජික රටවල් එක්සත් කිරීමේ පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥප්තියට අත්සන් තබා වසර 10 ක් පිරීමේ සංවත්සර සැමරුම අද එහිදි ආරම්භ වුණා.
මේ අනුව අලී සබ්‍රි මහතා පොදු රාජ්‍ය මණ්ඩලිය සංවර්ධන කටයුතු පිළිබද රාජ්‍ය ලේකම්වරයා ද හමු වීමට නියමිතව ඇති බවද සදහන්.
එමෙන්ම රුවන්ඩාව, කෙන්යාව, පාකිස්ථානය සහ මලයාසියාව යන රටවල්වල විදේශ අමාත්‍යවරුන් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311