ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වනවා.
09 වැනි පාර්ලිමේන්තුවේ හතරවැනි සභාවාරය ඊයේ ආරම්භ කෙරුණේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමගයි.
ඒ අනුව රාජාසන කතාව මගින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද සහ හෙට විවාදයට ගැනීමටයි පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව තීරණය කළේ.
අද පෙරවරු 09යි 30ටයි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.
සුබසාධන පනත යටතේ වන නියෝග සහ රජයේ ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තාවලට අදාළව පසුගිය සභාවාරයේදී ඉදිරිපත් කර තිබු යෝජනා 51ක් පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී ඉදිරිපත් කෙරෙනු ඇති.
ඉන් පසුවයි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද විවාදය ආරම්භ වීමට නියමිතව ඇත්තේ.
සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුවන් පිරිසක් විවාදයට සහභාගි නොවීමට තීරණය කර ඇති බව ද වාර්තා වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311