මන්නාරම සහ පුනරීන් ප්‍රදේශයේ මෙගාවොට් 350ක සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම සඳහා වන අනුමැතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දී තිබෙනවා.
ඒ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති උත්සවයක දී යි.
ඒ සඳහා අදානි සමාගමේ නියෝජිතයන්ද එක්ව සිටි බව සඳහන්.
මෙය ඩොලර් මිලියන 442 ක ආයෝජනයක් වන අතර ව්‍යාපෘතිය වසර දෙකකින් නිම කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.
සෙසේ වෙතත් මෙමඟින් රැකියා 1,500 ත්, 2,000 ත් අතර සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙනු ඇති බව ද වාර්තා වනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311