රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධාන නිලධාරිනියක අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මරීනා යන්කිනා නමැති ආරක්ෂක ප්‍රධාන නිලධාරිනියක්.
ශාන්ත පීටර්ස් බර්ග් හි මහල් 16 ක ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එය ඝාතනයක්ද සියදිවි හානි කර ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311