ආර්ථිකය ශක්තිමත් කර ගැනීමෙන් පමණක් සෑහීමකට පත් විය නොහැකි බවත් සමස්ත ක්‍රමයේ වෙනසක් සිදු කල යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා .
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 75 වන නිදහස් දිනයට සමගාමිව ජාතිය අමතා ඊයේ පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් .
එහිදී වැඩි දුරටත් අදහස් පල කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ උතුරු – නැගෙනහිර ප්‍රදේශ වල ජනතාව මුහුණ දෙන විශේෂිත ගැටළු සදහා කඩිනම් පියවර ගත යුතු බවයි .
ජනාධිපති ධුරයට පත් වූ දා සිට තමන් විසින් ජනප්‍රිය තීන්දු නොගත් බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා .
කෙසේ වෙතත් එම තීන්දු හේතුවෙන් මෙරට ජනතාව මුහුණ දුන් පිඩාකාරී තත්වයෙන් මුදවා ගැනීමට හැකි වූ බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කලේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311