රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීම සඳහා කාන්තාවන්ට පනවා තිබු තහනම ඇෆ්ගනිස්ථානය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. තලේබාන් පාලනය ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මේ දක්වා දැනුම් දීමක් සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, ජගත් සංවිධානයේ නියෝජිතයින් පිරිසක් කාබුල් නුවරදී තලෙයිබාන් සංවිධානය සමග මේ පිලිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්. කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු කිරීම පසුගිය වසරේ දී තහනම් කෙරුණා.
මේ හේතුවෙන් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් ඇෆ්ගනිස්ථානය තුළ කටයුතු කිරීමෙන් ඉවත් වුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311