එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 22 වන තරගය අද ඉන්දියාවේ චෙන්නායි හිදි පැවැත්වෙනවා.
දිවා – රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරග වැදීමට නියමිතයි.
තරගය පස්වරු 2 ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.
මේ අතර නවසීලන්තය පරදා ලැබූ ජයත් සමග සත්කාරක ඉන්දීය කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත්ව තිබෙනවා.
ඉන්දීය කණ්ඩායම තරග කළ තරග 5 ම මේ වන විට ජයග්‍රහණය කර තිබෙනවා.
ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ නවසීලන්ත කණ්ඩායමත්, තෙවන ස්ථානයේ දකුණු අප්‍රිකා කණ්ඩායමත් පසු වනවා.
සිව් වන, පස් වන සහ හය වන යන ස්ථානයන් හි පිළිවෙලින් ඕස්ටේ්‍රලියාව, පාකිස්ථානය සහ බංගලාදේශ කණ්ඩායමයි පසු වන්නේ.
මෙම ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට ලැබී ඇත්තේ 8 වන ස්ථානයයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311