මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙක් මියගොස් තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා කියා සිටියේ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර සිටි මාතර බන්ධනාගාරයේ රැඳවියෙකු මෙලෙස ඊයේ (22) දිනයේදී මියගොස් ඇති බවයි.
අදාළ රැඳවියා පසුගිය අගෝස්තු මස 30 වන දින බන්ධනාගාර ගත වූ අයෙක් බවත් ඒ මිනීමැරුම් චෝදනාවක් මත බවත් වාර්තා වනවා.
ගාමිණී බී දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ උණ රෝගය වැළඳුන තවත් සැකකරුවන් අට දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311