ජුලි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා .
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වර්තවනවා .
ඒ අනුව, දේශීය වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 200ක් වන අතර ළමුන් සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 30ක් වනවා .
මීට පෙර වැඩිහිටියන් සඳහා රුපියල් 100ක් සහ ළමුන් සඳහා රුපියල් 20ක් ලෙස අයකිරීම් සිදුකෙරුණා .
එමෙන්ම විදේශීය වැඩිහිටියන්ට උද්භිද උද්‍යාන සඳහා ඇතුළුවීමේ ගාස්තුව රුපියල් 3,000ක් වන අතර විදේශීය ළමුන් සඳහා එම ගාස්තුව රුපියල් 1,500ක් බව වාර්තා වනවා .
විදේශීය වැඩිහිටියන් සඳහා මීට පෙර අයකිරීම සිදුවූයේ රුපියල් 2,000ක් වන අතර ළමුන් සඳහා රුපියල් 1,000ක් අය කරනු ලබනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311