ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය තුළින් මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
පෙත්සම්කාර සංවිධානය කියා සිටින්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දිය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311