ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කර නිසියාකාරව සකස් කිරීම සඳහා නීතිපතිවරයාට සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.
පනත් කෙටුම්පත සකස් කිරීමෙන් පසුව මේ සතියේදී තමාට ලැබෙනු ඇතැයි පැවසූ කතානායකවරයා පනත් කෙටුම්පත ලැබුණු පසු ඊට සහතිකය සටහන් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකාශ කළා.
පනත් කෙටුම්පත බලාත්මක වන්නේ තමාගේ අත්සන සහතික කිරීමෙන් පසුව බව මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් කියාසිටියා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311