විදේශීය ආධාර මත පවත්වාගෙන යනු ලබන ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පාසලක බාලවයස්කාර සිසුවියන් තිදෙනකුට එහි විදුහල්පතිනිය සහ පාලකවරිය බව කියන විදේශීය කාන්තාවක් වේවැලකින් පහර දුන් පුවතක් වාර්තා වනවා.
අදාල පහර දීමෙන් අනතුරුව එම සිසුවියන් තිදෙනා ගෝනදූව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි ඌරගස්මංහන්දිය පොලීසිය පවසන්නේ.
මෙසේ රෝහල්ගකර ඇත්තේ අවුරුදු 10, 12 සහ 14 යන වයස්වල පසුවන තිදෙනෙක්.
පාසලේ වතුර කරාමයක් කඩා දැමූ බවට වූ චෝදනා කරමින් අදාළ විදුහල්පතිවරිය විසින් සිසුවියන්ට පහර දී ඇති බව සඳහන්.
පහර දීම සම්බන්ධයෙන් සිසුවියන්ගේ දෙමවුපියන් ඌරගස්මංහන්දිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
උණුසුම් පුවත්
- පියසේන ගමගේ අල්ලස් කොමිසමෙන් පිටව යයි
- සාන් සුද්දා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී රෝහලෙන් පලායයි.
- දකුණු කොරියානු ජනාධිපතිවරණය අද
- කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළට
- පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
- හැටන් නුවරඑළිය මාර්ගයේ රථවාහන ගමනාගමනය එක් මංතීරැවකට සීමා කෙරේ
- අංගොඩ සබන් නිෂ්පාදනාගාරයක ගින්නක්
- ධාවනයට නුසුදුසු බස් රථ 34 කට තහනම් නියෝග