සිසුවියන්ට ලිංගික අතරව සිදු කිරීමේ චෝදනා එල්ල වී සිටින කළුතර උපකාරක පන්ති ගුරුවරයා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
කළුතර ප්‍රදේශයේ උපකාරක පන්තිවලට සහභාගි වූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම ගුරුවරයාව අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි 23 වන දා දක්වා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මේ අතර කළුතර ලැඟුම් හලකදී 16 හැවිරිදි පාසල් සිසුවියක් අභිරහස් ලෙස මිය යෑමේ සිද්ධියේ එක් සැකකරුවෙකුට අද දින ඇප ලබා දී තිබෙනවා.
සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුගේ රියදුරාට මෙලෙස ඇප ලබා දී ඇති බවටයි වාර්තා වන්නේ.
අනෙක් සැකකරුවන් තිදෙනා ජුනි මස 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311