කළුතර මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් සිව් දෙනෙක් අද(15) යළි අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවේ දැරියගේ මිතුරිය, මිතුරියගේ පෙම්වතා, ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය පුද්ගලයා සහ අදාළ හෝටලයේ හිමිකරුගේ බිරිඳයි.
එලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය නියෝග කර සිටියේ ලැඟුම් හල් හිමිකරුගේ බිරිඳ ශරීර ඇප මත මුදාහරින ලෙසයි.
ඒ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මතයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම දැරියගේ මිතුරිය, මිතුරියගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය මිතුරා මැයි මස 26 වනදා දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙසට එහිදී අධිකරණය නියෝග කර තිබෙනවා.
දැරිය මියයන අවස්ථාවේ ඇය සමග ලැගුම්හල තුළ රැඳී සිටි සිද්ධියේ ප්‍රධාන සැකකරු මේ වන විට පසුවන්නේ රිමාන්ඩ් භාරයේයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311