අද පෙරවරුවේදී ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 4 ක් අවලංගු කර තිබෙනවා.
දුම්රිය රියදුරු සංගමයේ සභාපති චන්දන ලාල් මහතා සදහන් කළේ අද පෙරවරුවේදී කාර්යාල දුම්රිය ධාවනය කිරීම සඳහා රියදුරු සහයකයින් සේවයට වාර්තා කර නොමැති බවයි.
මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට රඹුක්කන, පොල්ගහවෙල සහ ගම්පහ ඇතුළු දුම්රිය ස්ථාන වෙත ධාවනය වීමට තිබූ දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදු වූ බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311