කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ උෂ්ණත්වයේ ඉහළ යාම පිළිබඳව සාමාන්‍ය ජනතාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් තාප දර්ශක, මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවදානම’ මට්ටම දක්වා ඉහළ යනු ඇති බවයි .
මෙම උෂ්ණත්වයට දිගුකාලීනව නිරාවරණය වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කරන ලෙසත්, සැහැල්ලු සහ ලා පැහැති ඇඳුම් හැකි සෑම විටම පරිහරනය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311