මෙරට කිරි ගව පාලනය සංවර්ධනය කිරීම සඳහා ප්‍රංශයෙන් රුපියල් මිලියන 250 ක මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.
කෘෂි කර්ම අමාත්‍යාංශය සඳහන් කළේ මේ සදහා ප්‍රංශයේ පශු සම්පත් ආයතන සහ සංවර්ධනය සදහා වන ප්‍රංශ නියෝජිත ආයතනය ඒකාබද්ධව මෙලෙස සහයෝගිතාවය පළ කර ඇති බවයි.
මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා ඉදිරිපත් කළ ප්‍රකාශය මූලික කරගනිමින් සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ මේ වන විට බිත්තර හිඟයක් රට තුළ නොමැති නම් පිටරටින් බිත්තර ආනයනය නතර කිරීම සුදුසු බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311