ආපනශාලාවල කෙටි ආහාර මිල ගණන් පහත හෙළන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, ඊට අදාළ මිල ගණන් අද දිනයේදී ප්‍රකාශයට පත්කරන බවයි.
මේ අතර, තිරිඟු පිටි මිල ඊයේ සිට රුපියල් 15 කින් පහළ දැමීමට ප්‍රීමා සමාගම කටයුතු කළා.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ, ඊට සමගාමීව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල ද රුපියල් 10 කින් පහළ දැමූ බවයි.
මේ අතර සීනි කිලෝග්‍රෑමයක තොග මිල ද රුපියල් 15 කින් පහළ දැමීමට පිටකොටුව අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා තොග වෙළඳුන්ගේ සංගමය ඊයේ තීරණය කරනු ලැබුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311